Loading...

“සෙනෙහසේ දෑතින් ලොව දිනන සදහම් සිසිලෙන් සිත් නිවන පින්බිම”

"The land of Dhamma that conquers the world with the hands of love, the land of devotion that soothes the heart with its coolness"

රත්නපුර බෞද්ධ මන්දිරය, සම්බුදු දහමේ උතුම් ආලෝකයෙන් ජීවිත සුවපත් කරමින්, මෙත් සිතින් සහ ප්‍රඥාවෙන් පිරිපුන් ගුණවත් සමාජයක් උදෙසා කැපවූ පින්බර අධ්‍යාත්මික අසපුවයි
Ratnapura Buddhist Temple is a blessed spiritual monastery dedicated to a virtuous society filled with compassion and wisdom, healing lives with the noble light of Buddhism.

“ශතවර්ෂයකට ආසන්න අතීත උරුමය සහ අනාගත ප්‍රඥාවේ මාවත – රත්නපුර බෞද්ධ මන්දිරය”
“Nearly a century of past heritage and the path of future wisdom – Ratnapura Buddhist Mansion”

1931 වසරේදී අතිපූජ්‍ය බිබිලේ ඥානසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ අමරණීය ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණන්ගේ මූලිකත්වයෙන් හා මගපෙන්වීමෙන් රත්නපුර බෞද්ධ මන්දිරයේ සදාකාලික අඩිතාලම වැටුණි. එසමයෙහි රත්නපුර ප්‍රදේශයේ පැවති ආගමික පාසල් පද්ධතියට විකල්පයක් ලෙස, හෙළ බෞද්ධ සාරධර්මවලින් පිරිපුන් පරපුරක් බිහිකිරීමේ අරමුණින් මෙම පින්බිම බිහිවිය.
The eternal foundation of the Ratnapura Buddhist Temple was laid in 1931 under the leadership and guidance of the Most Venerable Bibile Gnanasiri Thero and the immortal Sri Anagarika Dharmapala. This sacred site was established with the aim of creating a generation imbued with Hela Buddhist values ​​as an alternative to the religious school system prevailing in the Ratnapura area at that time.

Rathnapura Bauddha Mandiraya


ආරම්භයේදී මෙහි පහළ මාලය ආගමික වතාවත් සඳහා වෙන් වූ අතර, ඉහළ මාලය “ධර්මපාල විද්‍යාලය” නමින් සිංහල බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. දශක ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත දරුවන්ගේ නැණැස පාදා, පසුව රජයට භාර කෙරුණු එම ඓතිහාසික මෙහෙවරේ ශක්තිය අදටත් මෙම බිම තුළ සජීවීව පවතී.

Initially, the lower floor was reserved for religious ceremonies, while the upper floor became the center of Sinhala Buddhist education under the name “Dharmapala Vidyalaya”. The strength of that historic mission, which enlightened the minds of thousands of children over decades and was later handed over to the government, still lives on in this place today.

අද වන විට රත්නපුර බෞද්ධ මධ්‍යස්ථානය යනු, එම ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ආශිර්වාදය පෙරදැරිව, සමාජයීය හා අධ්‍යාත්මික සුවය සලසන ප්‍රදේශයේ ප්‍රධානතම සදහම් නිකේතනයයි.

Today, the Ratnapura Buddhist Center is the region's premier Buddhist sanctuary, providing social and spiritual healing, drawing on the blessings of that great history.

තව කියවන්න / Read More →

Gallery

අපගේ සදහම් මෙහෙවර - Our Dhamma Mission

පොහොය දින වැඩසටහන් Poya Day Programs

සෑම පුර පසළොස්වක පොහොය දිනකම පැවැත්වෙන සීල සමාදාන සහ ධර්ම දේශනා වැඩසටහන් මගින්, සැදැහැවතුන්ගේ අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කරමින් සිතට සහ මනසට සදහම් සුවය සහ සහනය ලබාදීම Through the Sila Samadana and Dhamma sermon programs held every Full Moon Poya Day, the spiritual cultivation of the devotees is enhanced and the Dhamma is provided to the mind and soul, providing comfort and solace.

තව බලන්න See More ...
බෞද්ධ වැඩසටහන් Buddhist programs

සම්බුදු සසුන සුරකිනු පිණිස විවිධ ආගමික වතාවත් සහ දහම් දැනුම වර්ධනය කරන වැඩසටහන් පවත්වමින්, බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරාත්මක වටිනාකම් අනාගත පරපුරට දායාද කිරීමට අපි නිරන්තරයෙන් කැපවෙමු. We are constantly committed to passing on Buddhist culture and moral values ​​to future generations by conducting various religious observances and programs that enhance Dhamma knowledge to preserve the Buddha's teachings.

තව බලන්න See More ...
ළමා සංවර්ධන මධ්‍යස්ථානය Child Development Center

දරුවන්ට ධර්මය, සදාචාරය හා ජීවිත මූලධර්ම ඉගැන්වීම සඳහා විශේෂ වැඩසටහන්. Special programs to teach children Dharma, morality and life principles.

තව බලන්න See More ...
සමාජ සේවා වැඩසටහන් Social service programs

අසරණයන්ට උපකාර කිරීම, රුධිර දානය සහ සමාජ සේවා ක්‍රියාකාරකම් සංවිධානය කිරීම. Helping the needy, organizing blood donations and social service activities.

තව බලන්න See More ...

Our Latest Video

Latest News

All News

Rent & Selling Products

View Products
product
Starting Rent LKR 2,500.00
Normal Hall

For 4 Hour:-Rs.2500

ඔබගේ අවශ්‍යතාවය මත අප මධ්‍යස්ථානයේ ශාලා හා අවකාශය වෙන්කරවා ගත හැක
You can reserve halls and spaces at our center based on your needs.

වැඩසටහන්, ආගමික අවස්ථා හෝ වෙනත් අවශ්‍යතා සඳහා ශාලා සහ අවකාශය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අප අමතන්න. Contact us for more information about halls and spaces for programs, religious occasions, or other needs.

දැන් අමතන්න Call Now
WhatsApp Call Now